Thursday, March 28, 2013

අමනකමත් පාවාදීමකි


හොඳටම මහලූ වියේ පසු වූ රාමගේ පියා බාල කෙල්ලක පාවා ගත්තේය. එය රාමගේ පියාගේ හතර වෙනි විවාහයයි. ඇය තමන්ගේ පුතාට රජකම ලබාදෙන්නට තීරණය කළාය. රජකම උරුමවීමට නියමිතව සිටි පළමු විවාහයේ පුතා රාම මරණයෙන් බේරී වනගත වුණි. ඔහු සමග භාරියාව සීතා සහ ලක්ෂ්මන් සොහොයුරාද වනයට ගියහ. ඉන්පසුව තවතව දේ සිදු විය. ලංකාපුරයේ රාවණා සීතාව පැහැර ගෙන ගියේය. රාම, ලක්ෂ්මන් සහ වානර හමුදාව රාවණාගේ ලංකා පුරය ගිනි තබා සීතා ආපසු ගෙන ආහ. මේ කතාව අඩංගු රාමයණය හින්දුන්ගේ නිර්මාණයකි. රාමයණ කතාවක් පැරණි සිංහලයන් දැනගෙන හිටියේ නැත. උගත් ජනයා මේ කතාව දැන සිටියා නම් වැදගම්මකට නැති ප‍්‍රබන්ධයනක් වශයෙන් බැහැර කළහ. වර්තමානයේ රටේ පිරිසක් රාවණා ලංකාවේ සිටි ප‍්‍රතාපවත් රජෙකු යයි කියති, ලියති, අදහති. රාවණා ලංකාවේ පාලකයකු වශයෙන් සැලකීම හින්දු ආගම ගෙඩිය පිටින් ගිලීමක් බව මොවුන්ට නොවැටහේ.

ඉන්දියා ඉතිහාසයේ නරකයෙකු ලංකාවේ ශ්‍රේෂ්ඨ රජෙකු යයි මොරගාමින් සිටි පිරිස් අතුරෙන් සමහරු දැන් අලූත් කතාවක් ඉදිරිපත් කරති. හිට්ලර් හෙළයේ විසූ නායකයෙකු යයි කියති, ලියති. අන්තර්ජාලයෙන් ඒ විස්තර ප‍්‍රචාරය කරති. මේ වැඩ එක්කෝ අමනකමට කරන දේ විය යුතුය. නැතිනම් ජාතිය පාවාදීමට හා ජාතියට අගෞරව කිරීමට කරන ක‍්‍රියාය.

ජර්මනියේ හිට්ලර් මිහිපිට බිහිවූ දරුණුම මිනීමරුවෙකි. ඔහු වයස්, ලිංග භේදයක් නැතිව ජර්මනියේ විසූ යුදෙව්වන් ලක්ෂ ගණනක් මරා දැමුවේය. ජිප්සි ජනයා දසදහස් ගණනක් මරා දැමුයේය. ආබාධිත ජර්මානු ජාතිකයන් පවා මරා දැමුවේය. අමනයෙකුට මිස මේ දුෂ්ඨ මිනිීමරුවා හෙළයෙකු යයි කියන්නට නොහැකිය. අමනකම ජාතිය පාවාදීමකි.
දෙමළ ජාතිය බොරු සාක්ෂි ඉදිරිපත් කරමින් හෝ ඉන්දු නිම්න ශිෂ්ඨාචාරයේ උරුමය කියති. සිංහල දේශයේ උරුමය ප‍්‍රකාශ කරති. ඉන්දියාවේ අතීතයේ විසූ චාණක්‍ය, වාත්ස්‍යාන වැනි හැම ප`ඩුවෙකුම ද්‍රවිඩ ජාතියෙකු යයි කියති, ලියති. ඉස්ලාම්වරුද මේ ක‍්‍රියාවම කරති. ඉන්දියාවේ විද්‍යාව, ගණිතය ආදි සියල්ලක්ම අරාබියට ගත් හැටි නොකියා අරාබි ශිෂ්ඨාචාරය විසින් ලොවට නවීන විද්‍යාව, ගණිතය ආදි සියල්ලක්ම දුන් බව කියති.

අමනයින් හෙළයන්ගේ ලොකුකම කියන්නේ රාවණා, හිට්ලර්, පොල්පොට් ආදීන් හෙළයන්ට සම්බන්ධ යයි කීමෙනි. මෙය අමනකමකට කරන ක‍්‍රියාවක් නොව හිතාමතාම කරන ජාතිය පාවාදීමක් නම් එය සංස්කෘතික ත‍්‍රස්තවාදයකි.       


Wednesday, March 27, 2013

කාන්තා අයිතිවාසිකම් පනත් ෂාරියා නීතියට පටහැනියි


‘එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ලෝක සම්මත කිරිමට උත්සාහ කරන කාන්තා අයිතිවාසිකම් පනත් ෂාරියා නීතියට පටහැනිය. එමගින් කාන්තාවන්ට හිතුමතේ  ඕනෑම දෙයක් කරන්නට ඉඩ ලැබේ. මෙය ඉස්ලාම් දහම දුර්වලකර ඉස්ලාම් පවුල කඩා විසුරුවා ඉස්ලාම් සමාජ සංස්ථාව විනාශ කිරීමෙ වෑයමකි’ යයි ඊජිප්තුව රජය ප‍්‍රකාශ කර සිටී. කාන්තා හිංසනය වැළැක්වීමට කාන්තා අයිතිවාසිකම් පනතක් මාර්තු මාසයේදී සම්මතකර ගැනීමට එ.ජා. සංවිධානය සූදානම් වෙයි. මීට විරුද්ධව සියලූම ඉස්ලාම් රටවල් එක්සත්ව නැගී සිටිය යුතු බව ප‍්‍රකාශ කරමින් ඊජිප්තු රජය විශේෂ ප‍්‍රකාශනයක් නිකුත්කර තිබේ.

ඉස්ලාම් ලෝකය පාලනය කරන්නේ දැඩි නීති හා සම්මතයන් ආධාරයෙනි. ෂාරියා නීතිය යටතේ ඒ නීති හා සම්මතයන් කඩකරන්නන් අපරාධකරුවන් වශයෙන් සලකා ද`ඩුවමට ලක්කරති. නීතියෙන් හා පුරුෂයා විසින් කාන්තාව පාලනය කිරීම හැම මුස්ලිම් සමාජයකම සිදුවන ක‍්‍රියාවකි. කාන්තාව පාලනය කිරීම යනු ඉස්ලාම් ආගම ආරක්ෂා කරගැනීමේ එක ක‍්‍රියාවකි. එ.ජා. සංවිධානය මෙහෙයවන ක‍්‍රිස්තියානි රටවල් කාන්තාව පාලනය කරනු ලැබීමෙන් ඉවත් කිරීම මගින් ඉස්ලාම් ආගමේ පදනම බිඳීමට උත්සාහ කරන බව මුස්ලිම් සහෝදරත්වයේ අදහසයි.

ෂාරියා නීතියෙන් හා අරාබි දර්ශනයෙන් කාන්තාව නිදහස ලබාගන්නට උත්සාහ දරන මේ යුගයේ ලංකාව වැනි රටවල සිදුවන්නේ ඊට වෙනස් දෙයකි. සිංහල බෞද්ධ සමාජයේ අනුග‍්‍රහය හා ආභාසය ලබමින් නිදහසේ ජීවත්වූ ඉස්ලාම් කාන්තාව ෂාරියා නීතියට යටත් වෙමින් දිනෙන් දින පාලනය වෙන හැටි පැහැදිලිව පෙනේ. මේ සමග උස් නිදහසක් භුක්ති විඳිමින් ජීවත් වූ ඇතැම් සිංහල තරුණියන් ඉස්ලාම් ආගමිකයන් සමග විවාහවී විඳින වේදනාව ගැනද අපි සිහිපත් කරමු.


Sunday, March 24, 2013

මාලේ වැසියවන් ගෙන්වීමේ සැඟවුණු ඇත්ත



ඉතිහාසයට අනුව මාල දිවයිනේ හා සිංහල දේශයේ ජනපද පිහිටුවූවෝ එකම කණ්ඩායමක පිරිස් දෙකකි. මේ රටවල් දෙකම බෞද්ධ රටවල් වශයෙන් සමීප සම්බන්ධකම් පවත්වාගෙන සිටියහ. නමුත් ඉස්ලාම් ආක‍්‍රමණ වලින් පසුව මාල දිවයින මුස්ලිම් රටක් විය. එහි සියලූ වැසියෝ (සියයට සියයම) සුන්නි මුස්ලිම් ආගමිකයෝ වෙති. මේ රට මොන තරම් මූලධර්මවාදයට නැඹුරුවී ඇත්ද යත් වෙසක් කාඞ් පතක් හෝ රට ඇතුළට බාර නොගනී. බෞද්ධ ඉතිහාස පොත් රට තුළට ගෙනයාම නීති විරෝධී ක‍්‍රියාවකි. මේ වසරේ එහි කෞතුකාගාරයට කඩාපැන්න අන්තවාදියෝ කෞතුකාගරයේ වූ බුදු රූ සියල්ල කුඩුකර දැමූහ.  

මාලේ සිසුන් ඉගෙනීම සඳහා ලංකාවට එති. වෛද්‍ය පහසුකම් සඳහා එහි වැසියෝ ලංකාවට එති. මේ ක‍්‍රම දෙකටම වෙනස් අයුරින් මාල දිවයින් වැසියන් ලංකාවට ගෙනවිත් පදිංචි කරවිමේ කුට ජාවාරමක් දැන් පවතී. සමහරු ඉගෙනූම ලබන දරුවන්ගේ දෙම්ව්පියන් ලෙස එති. සමහරු රෝගීන්ගේ ඥාතීන් වශයෙනි. මේ ආකාරයට නොයෙක් ක‍්‍රම වලට ලංකාවට රිංගන මාලේ වැසියෝ ලංකාවේ පදිංචි වෙති. කොළඹ දිස්ත‍්‍රික්කයේ පමණක් වීසා නැති දහස් ගණනකි. දෙහිවල, රත්මලාන වැනි ප‍්‍රදේශයන්හි මාල දිවයින් කොලොනි ඉදිවෙමින් පවතී. දහස් ගණනක් මාල දිවයින් ජාතිකයන් ලංකාවේ දේශපාලන සරණ අයදුම් කරති. මේ අතර නොයෙකුත් කුට උපක‍්‍රම භාවිතා කරමින් ඔවුන් ලංකාවේ පුරවැසියන් කරවීමේ වැඩ සටහනක් ක‍්‍රියාත්මක වෙමින් පවතී. මාලදිවයින අනාගතයේ මුහුදුබත් වන නිසා ඔවුන්ට භූමියක් සොයාගැනීමේ අවශ්‍යතාවය පිළිබඳව කලක සිටම කතාබහක් පවතී.

මාල දිවයින් වැසියන් ලංකාවට ගෙන්වා පදිංචි කරවීම පිටුපස මුස්ලිම් හස්තයක් ක‍්‍රියාත්මක වන බව දැනගන්නට ලැබේ.  මාල දිවයිනේ දේශපාලන තත්වය නරක නිසා ඔවුන්ට ලංකාවේ ඉන්ඩ ඉඩ දිය යුතු යයි කියා සිටින පිරිසක්ද වෙති. මේ සතියේ ‘මිනිවන් නිවුස්’ ඇතුළු  මාල දිවයින් පුවත් පත් කිහිපයක්ම මාලේ සංක‍්‍රමණිකයන් පිළිබඳ කතා කළ පාඨලී චම්පික රණවක ඇමතිවරයාව විවේචනය කර තිබුණි.
මාල දිවයින බෞද්ධ විරෝධී ප‍්‍රතිපත්තියක පිහිටා කටයුතු කරන රටකි. ඔවුහු එහි වෙසෙන සිංහල බෞද්ධයෙකුට බෞද්ධ පොතක් පතක් තියා වෙසක් කාඞ් එකක් වත් රට ඇතුළට ගෙනයන්ඩ ඉඩ නොදෙති. මාලේ රට සියයට සියයක් මුස්ලිම් යයි ඔවුහු ආඩම්බරයෙන්  කියති. එහි වැසියෝ ලංකාවට පැමිණ ඉස්ලාම් ආගමික වැඩ කරති. ඉස්ලාම් සංවිධාන වලට බැඳී ඉස්ලාම් මූලධර්මවාදය වපුරති. පේදුරුතුඩුවේ සිට දෙවුන්දර තුඩුවට එකම නීතියක් ඇතැයි  කයිවාරු කෙලින රටේ මේවා අරුම පුදුම නීති නොවේ ද?

මාල දිවයින් ප‍්‍රශ්නය කතා කිරීමට රජයට නොහැකිය. ඊට හේතුව ඇමරිකාව ඇතුළු බටහිර රටවල් ලංකාව මානව හිමිකම් කොක්කේ එල්ලීමට සූදානම් වන විට ඉන්දියාවත් ලංකාවට හතුරුකම් කරන තත්වයක් යටතේ, අසල්වාසී ඉස්ලාම් රටවල් අමනාප කරගැනීමට ලංකාවට නොහැකි බැවිනි. නමුත් මෙය ප‍්‍රශ්නයකි. අනාගතයේ අප රටට මුහුණ දෙන්නට සිදු වන භයානක ප‍්‍රශ්නයක කොටසකි.  

Friday, March 22, 2013

සමාජවාදි ශිෂ්‍ය සංගමය සහ මාලූ වෙළෙන්දා


සමාජවාදයක් ලෝකයේ කොහේවත් දැන් නැත. ලෙනින්, ස්ටැලින්, පොල්පොට්, මා ඕ සේතුං ආදී සමාජවාදයේ නිර්මාතෘවරු සියලූ දෙනාම අතිබිහිසුණු මිනීමරුවන් බව දැන් මුළු ලෝකයම පිළිගෙන හමාරය. එහෙත් ලංකාවේ සමාජවාදයක් ගොඩනගන්නට පිටපොට ගසන සමාජවාදී ශිෂ්‍ය සංගමයක් ලංකාවේ පවතී. 88 89 කාලයේ සිංහල බෞද්ධ තරුණ තරුණියක් දස දහසක් නිරාපරාදේ බිල්ලට යැවීමට මූලික වූයේ මෙම සංගමයමය. අප මහපාරේ යන විට එක්තරා මාලූ වෙළෙන්දෙක් ඔවුන්ගේ පෝස්ටර්යක් කියවමින් සිටිනු දක්නට ලැබුණි.  

‘ජාතිවාදය අවුස්සන්නේ නැතිව සිංහල, දෙමළ, මුස්ලිම් හැමට සහයෝගයෙන් එකට ජීවත් වෙන්නට ඉඩ දියව්’ සමාජවාදී ශිෂ්‍ය සංගමය.

මාලූකාරයා අප දෙස බලා මෙසේ ඇසුවේය.

‘‘මුන් බුරුවො? ද ශිෂ්‍යයොද? එක්සත් ජාතික පක්ෂය කිව්ව හැටියෙ එතන ජාතිවාදය. ඉලංගෙයි තමිල් අරිසු කච්චි කියපු හැටියෙ එතන ජාතිවාදය. මුස්ලිම් කොන්ග‍්‍රස් කිව්ව හැටියෙ ජාතිවාදය. ඉතින් මුන් මේ කාටද බනින්නෙ?’’

අපි පිළිතුරක් නොදී ගමන් කළෙමු.

පිටුපා යන අපට මාලූකාරයා මෙසේ කීවේය.

‘‘අර තමිල්නාඩුවෙ හාමුදුරුවරුන්ට ගහන්නෙ එහෙ ආගම්වාදය ජාතිවාදය නැති හින්ද ද? ඇල්ටීටීඊකාරයො සිංහලයන්ව මැරුවෙ හැමට සහයෝගයෙන් එකට ජීවත්වෙන්ඩ දෙන්ඩ  ඕන හින්දද? කතාව  මගඇරල යන්ඩ එපා.  සමාජවාදය කියන්නෙ කොමියුනිස්ට්වාදයට. ඒකෙ හැමට සහයෝගයෙන් ජීවත්වෙන්ඩ පුළුවන් කියල එකක් නෑ. අපේ තාත්තල මේ පාරවල්වල ‘අදිරදේ සුන් කරව්, ධන බලේ නැතිකරව්’ කිය කියා පෙලපාලි ගියා. ඒ කිව්වෙ පංති සටන ගැන. සමාජවාදීන්ට සහයෝගයක් නෑ. මුන් බූරුවොද? ශිෂ්‍යයොද?

Wednesday, March 20, 2013

කලවමාගේ කතාව



දයාන් ජයතිලක සිංහලයෙක් නොවේ. බෞද්ධයෙක්ද නොවේ. ඔහු ශ‍්‍රී ලාංකික අබෞද්ධයෙකි. අපේ ලොකුම අවාසනාව ශ‍්‍රී ලාංකික නමැති කලවම් ජාතියට අයිති පිරිස අතර සිංහල ජාතිය හා බුදුසසුන නුරුස්සන්නන් සිටිමයි. දයාන් එවැන්නෙකි. ප‍්‍රංශයේ තානාපතිවරයා වී සිටියදී  තමන්ගේ සිංහල විරෝධී, බෞද්ධ විරෝධී ගති ස්වභාවය මැනවින් ප‍්‍රදර්ශනය කළේය. ඒ කුණු හාරා අවුස්සා වෙබ් අඩිවිය පුරා ගන්ධස්සාරය පතුරුවන්ට අපට වුවමනා නැත.

එහෙත් දයාන්ගේ හිතේ සිංහල ජාතියට හා බුදුදහමට සතුරුකමක් පවතින නිසා දයාන් ජයතිලක අපේ රට ගැන බොරු කතා ප‍්‍රචාරය කරන විට ඒ ගැන යමක් ලියන්නට අපට සිදු වේ.

‘ලංකාවේ ඉස්ලාම් ත‍්‍රස්තවාදයක් නැතැ’ යි මොහු පසුගිය දා පුවත්පතකට පවසා තිබුණි. 

හිටපු ඇමතිවරයකු වූ ශ‍්‍රී ලංකා මුස්ලිම් කොන්ග‍්‍රසයේ නායක අශ්රොෆ් ජිහාඞ් සංවිධානය සමඟ සබඳතා ඇත්තෙකු බවට තොරතුරු රහස් පොලිසියට වාර්තා වූයේ 1993 තරම් ඇතකදීය. අශ්රොෆ් යනු ගමක පොඩි වෙළඳාමක් කරගෙන සිටි පුද්ගලයකු වී නම් ඒ සුළු කරුණකි. නමුත් අෂ්රොෆ් ඉස්ලාම් දේශපාලන සංවිධානයක් මෙහෙයවූ නායකයෙකි. ඔහු ජිහාඞ් සංවිධානය සමග සම්බන්ධ නම් ලංකාවට ඉස්ලාම් ත‍්‍රස්තවාදය සම්බන්ධ නැතැයි පවසන්නේ කෙසේද? ඉස්ලාමික ජිහාඩය යනු ත‍්‍රස්තවාදී වැඩ පිළිවෙලකි.

2006 වසරේ අපේ‍්‍රල් මස 23 දා, ඇමරිකාවේ සීඅයිඒ සංවිධානයෙන් කළ දැනුම්දීමකට අනුව කොළඹදී අල් කයිඩා සාමාජිකයන් තිදෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී. ඇමරිකාවේ සහායෙන් පුත්තලමේදී අල්කයිඩා සාමාජිකයකු අත්අඩංගුවට ගන්නා ලද බව ගෙවුණු පෙබරවාරි මාසයේ 20 වැනිදා වාර්තා විය. මෙබඳු අල්කයිඩාකාරයින් කරන්නේ මොනවාද? ත‍්‍රස්තවාදී සංවිධාන සමග සම්බන්ධතා නැති ත‍්‍රස්තවාදීන් ලෝකයේ නැත.  

ඉස්ලාම් ත‍්‍රස්තවාදය ලංකාවේ පමණක් නොව ලෝකයේ හැම රටකම ක‍්‍රියාත්මක වන්නකි. සමහර රටවල ඉස්ලාම් ත‍්‍රස්තවාදය නියම වේෂයන් ක‍්‍රියාක්මක වේ. තවත් සමහර රටවල රහසිගතව ක‍්‍රියාත්මක වේ.  දයාන් ජයතිලක මේ ගැන හොඳින් දනී. එහෙත් ඔහු ලංකාවේ ඉස්ලාම් ත‍්‍රස්තවාදයක් නැතැයි කියයි. ඊට හේතුව ඔහුට සිංහල බෞද්ධ විරෝධී මනසක් තිබීමයි. ඉස්ලාම් අන්තවාදය ලංකාවේ තදින් ක‍්‍රියාත්මක වන බව රටේ සිංහල බෞද්ධයන්ට ජනතාවට පැහැදිලි කරද්දී දයාන් ජයතිලකගේ මනසේ සැඟවුණු යක්ෂයා අවදි වේ. ඔහුගේ මුඛය විවෘත වෙයි.

Tuesday, March 19, 2013

වතිකානුවට කාන්තා විමුක්තියක් නැද්ද?



අලූතින් පාප්වරයෙකු පත්කර ගැනීමේ සිද්ධියේදී බටහිර රටවල කාන්තා ‘විමුක්ති’ සංවිධාන (වුමන් ලිබරේෂන් මූමන්ට්ස්) නිහඩව සිටීමේ සිද්ධියක් පිළිබඳව ඇතැම් කාන්තා සංවිධාන ප‍්‍රශ්න කරයි. කාන්තා කාදිනල්වරුන් නැත්තේ ඇයි? පිරිමි කාදිනල්වරුන් විතරක්ම සිටින්නේ මන්ද? 

අලූත් පාප්වරයාට ශුභපැතීමට වතිකානුවට රැස්වූ මහ පිරිසෙන් වැඩිම සංඛ්‍යාව කාන්තාවෝ වෙති. එහෙත් කාන්තාවට, කතෝලික සභාව තවමත් පුරුෂයන්ට සමාන අයුරින් නොසලකයි.

බටහිර රටවලින් පිටවන වාතයෙන් පිම්බී නටන කාන්තා ‘විමුක්ති’ සංවිධාන ලංකාවේත් ඇත. මේ එකක්වත් කාන්තා කාදිනල්වරුන් නැත්තේ මන්දැයි ප‍්‍රශ්න නොකරති. මොවුන්ට ලිප්ටන් වටරවුමට බැස කතෝලික සභාව කාන්තාව පහත හෙළා කටයුතු කිරීමේ චිරාගත සම්ප‍්‍රදායට විරුද්ධව නැගී සිටීමේ හැකියාව ඇත. නමුත් එවැනි ක‍්‍රියාවකට කිසිම කාන්තා සංවිධානයක් ඉදිරිපත් වූයේ නැත. 

කතෝලික ජන අනුපාතය වැඩිකර ගැනීමට කාන්තාව යොදාගැනීම ලංකාවේත් සිදුවන ක‍්‍රියාවකි. කතෝලික කාන්තාවක හා විවාහ වෙන බෞද්ධ පිරිමින් පල්ලියට කැඳවා දණ ගස්වති. ඔවුන්ගේ ළමුන් කතෝලික කරති. කතෝලික පිරිමියෙකු හා විවාහ වෙන බොහෝ බෞද්ධ කාන්තාවෝත් ආගම මාරු කරති. කතෝලික සභාව යටතේ කාන්තාව තවමත් ජීවත් වෙන්නේ කොතැනකද?  


Monday, March 18, 2013

යුද්ධ විරෝධී පෙළපාලි ගිය ඇමතිවරයා ‘රට විරුවන්’ හදයි


විදේශ රටවල සේවය කරන ශ‍්‍රී ලාංකික ශ‍්‍රමකයන් වැඩිම පිරිස ශ‍්‍රම වහල්ලූ වෙති. වැඩිම ශ‍්‍රී ලාංකික ශ‍්‍රමිකයන් පිරිසක් වැඩකරන අරාබියේ තත්වය ගැන විස්තර කතා වුවමනා නැත. මෙහි යන සිංහල කාන්තාවන්ගේ සිංහලකම පවා විනාශ කෙරේ. මොවුන්ගෙන් රටට ආදායමක් ලැබෙන බව ඇත්තකි. මේ ශ‍්‍රම වහලූන්  ’රට විරුවන් ’ හැටියට නම් කිරීමට ඩිලාන් පෙරේරා ඇමතිවරයා වෙහෙසේ. ඔහු තම උත්සාහය ගැන ප‍්‍රසිද්ධ රැස්වීම්වලදී පවා කියයි‍

රණ විරුවා යනු ශ‍්‍රී ලංකාවේ ගෞරව නාමයකි. විශේෂයෙන්ම සිංහලයෝ රණ විරු නාමයට ඉමහත් ගෞරවයක් හා ආදරයක්  දක්වති. ඇල්ටීටීඊයට එරෙහිව යුද්ධය සඳහා ශ‍්‍රී ලංකා රජය උනන්දු කිරීමට දේශමාමක රටවැසියන් හා භික්ෂුන් වහන්සේලා වෙහෙසෙද්දී ඩිලාන් පෙරේරා ඇමතිවරයා ඔවුන්ට එරෙහි වූයේය. ඔහු යුද්ධ විරෝධී පෙළපාළි යමින් ඇල්ටීටීඊයට විරුද්ධව හමුදා මෙහෙයමුක් සිදු කිරීම වැරදි බව පෙන්වීමට වාසුදේව නානායක්කාර වැන්නන් සමග එක්වී කටයුතු කළේය. මෙවැන්නෙකු ශ‍්‍රම වහලූන් සඳහා ‘රට විරුවන්’ යන නමක් පටබැඳගෙන එය ප‍්‍රචාරය කිරීමට වෙහෙසීම ගැන ආරක්ෂක අංශවල අවධානය  යොමුවිය යුතුයයි සිතමු.

Sunday, March 17, 2013

හොර ළමානිවාස වටලා පාස්ටර් අත්අඩංගුවේ



රාජස්ථාන පොලිසිය හොර ළමා නිවාස දෙකක් වටලා ළමයින් 51 ක් නිදහස් කරගෙන ඇත. මොවුන් වයස 5 ත් 12ත් අතර වයස්වල දරුවන් වූ අතර 27 දෙනෙක් ගැහැණු ළමයි වෙති. ළමා නිවාස පවත්වා ගෙන ගිය ජේකොබ් ජෝන් නමැති පාස්ටර්වරයා අත්අඩංගුවට ගෙන තිබේ. ළමා නිවාස පවත්වාගෙන යාම ඉන්දියාවේ සිදුවන ජාවාරමකි. මේවායේ ඇති දැඩි කරන ළමයින් බොහෝ දෙනකු ස්කැන්ඩිනේවියානු, යුරෝපා රටවල් හා ඇමරිකාවට යැවෙන්නේ හොඳ මිල ගණන්වලටයි. අවයව ගලවා ගැනීම සඳහාත් ළමා නිවාසවල හැදෙන  ළමයින් භාවිතා කෙරෙන බව කියවේ. 

ළමා නිවාස අවංක පොලිස් නිලධාරීන්ගේ ඇසට යොමුවන අවස්ථා ඇතත් බොහෝ විට සිදුවන්නේ ක‍්‍රිස්තියානි නායකයන් ඉදිරිපත් වී දේශපාලනඥයන්ගේ සහය ලබාගෙන පොලිස් වැටලීම් කඩාකප්පල් කිරීමයි. ලංකාවේ නම් දැන් මෙවැනි වැටලීම් සිදුවන්නේම නැත. මීට වසර කිහිපයකට පෙර මොරටුව කොරලවැල්ල පාරේ ළමා නිවාසයක් වැටලීමෙන් පසුව ළමා නිවාස වැටලීම මොන තරම් භයානක දෙයක්ද යන කාරණාව පැහැදිලි වුණි. 

Friday, March 15, 2013

ඉරාන නායකයාගේ සිපාචාරය



ඉරාන නායකයා, හියුගෝ චාවේස්ගේ මව සිපගැනීම ඉස්ලාම් ලෝකයේ කතාබවට ලක්වි ඇති සිද්ධියකි. මෙය ඉස්ලාම් ආගමිකයකු විසින් නොකළ යුතු ක‍්‍රියාවකි. යම් විදහකින් මෙවැනි ක‍්‍රියාවක් සාමාන්‍ය ඉරාන ජාතිකයෙකු අතින් සිදුවූයේ නම් ඔහුට බරපතල වරදක් කළ අයෙකු සේ සලකා ශාරියා නීතිය යටතේ ද`ඩුවම් ලැබෙනු නියතය.


සුදු දුම් සුදු පරෙවියා සහ සුදු ඇඳුමෙන් සැරසුණු සුදු පාප්තුමාට ආසිරි


වතිකානුවෙන් සුදු දුම් අහසට නැගුණි. සුදු පරෙවියන් අහසට මුදා හරිමින් සුදු ඇඳුමින් සැරසුණු සුදු ජාතික ප‍්‍රැන්සිස් කාදිනල්තුමා පාප් තනතුර බාරගත්තේය. ‘වතිකානුව රාජ්‍ය නොවන සංවිධානයක් වශයෙන් කටයුතු කරමින් ලොවට ආදරය බෙදා හරිමු’ යයි අලූත් පාප්තුමා තනතුර බාරගනිමින් කළ කතාවේදී ප‍්‍රකාශ විණි.  

ප‍්‍රැන්සිස් කාදිනල්තුමා ඉතාලි සම්භවයක් ඇති ආර්ජින්ටිනා ජාතිකයෙකි. ආර්ජන්ටිනාව ඇමරිකානු මහාද්වීපයේ රටකි. එම නිසා මෙය ඇමරිකාවේ ජයක් යයි ඇමරිකානුවෝ කියති. ඇමරිකානු කතෝලික උපජනාධිපති ජෝ බයිඩන් ප‍්‍රමුඛ පිරිසක් පාප්තුමාව පිළිගැනීමට වතිකානුව බලා ආයේ ය.

අප‍්‍රිකාවේ හා ආසියාවේ කළු හම ඇති කතෝලිකයෝ සුදු දුම් සුදු පරෙවියෝ නරඹමින්  සුදු ඇඳුමෙන් සැරසුන සුදු පාප්තුමාගේ පදවි ලැබීම ගැන ජය ඝෝෂා නගති. සමානත්මතාවය, සහෝදරත්වය පවතින වතිකානුව ලොව පුරා සුදු පාට බෙදාහරින්නේ සම්ප‍්‍රදායයට යැයි ඔවුහු කියති. කළු දුම් වර්ණ පරෙවියෝ අශුභ යයි ඔවුහු කියති.

මේ ‘සිංහලේ හඩ’ ආරම්භයට සුදුසු නැකතයි.