Wednesday, March 20, 2013

කලවමාගේ කතාව



දයාන් ජයතිලක සිංහලයෙක් නොවේ. බෞද්ධයෙක්ද නොවේ. ඔහු ශ‍්‍රී ලාංකික අබෞද්ධයෙකි. අපේ ලොකුම අවාසනාව ශ‍්‍රී ලාංකික නමැති කලවම් ජාතියට අයිති පිරිස අතර සිංහල ජාතිය හා බුදුසසුන නුරුස්සන්නන් සිටිමයි. දයාන් එවැන්නෙකි. ප‍්‍රංශයේ තානාපතිවරයා වී සිටියදී  තමන්ගේ සිංහල විරෝධී, බෞද්ධ විරෝධී ගති ස්වභාවය මැනවින් ප‍්‍රදර්ශනය කළේය. ඒ කුණු හාරා අවුස්සා වෙබ් අඩිවිය පුරා ගන්ධස්සාරය පතුරුවන්ට අපට වුවමනා නැත.

එහෙත් දයාන්ගේ හිතේ සිංහල ජාතියට හා බුදුදහමට සතුරුකමක් පවතින නිසා දයාන් ජයතිලක අපේ රට ගැන බොරු කතා ප‍්‍රචාරය කරන විට ඒ ගැන යමක් ලියන්නට අපට සිදු වේ.

‘ලංකාවේ ඉස්ලාම් ත‍්‍රස්තවාදයක් නැතැ’ යි මොහු පසුගිය දා පුවත්පතකට පවසා තිබුණි. 

හිටපු ඇමතිවරයකු වූ ශ‍්‍රී ලංකා මුස්ලිම් කොන්ග‍්‍රසයේ නායක අශ්රොෆ් ජිහාඞ් සංවිධානය සමඟ සබඳතා ඇත්තෙකු බවට තොරතුරු රහස් පොලිසියට වාර්තා වූයේ 1993 තරම් ඇතකදීය. අශ්රොෆ් යනු ගමක පොඩි වෙළඳාමක් කරගෙන සිටි පුද්ගලයකු වී නම් ඒ සුළු කරුණකි. නමුත් අෂ්රොෆ් ඉස්ලාම් දේශපාලන සංවිධානයක් මෙහෙයවූ නායකයෙකි. ඔහු ජිහාඞ් සංවිධානය සමග සම්බන්ධ නම් ලංකාවට ඉස්ලාම් ත‍්‍රස්තවාදය සම්බන්ධ නැතැයි පවසන්නේ කෙසේද? ඉස්ලාමික ජිහාඩය යනු ත‍්‍රස්තවාදී වැඩ පිළිවෙලකි.

2006 වසරේ අපේ‍්‍රල් මස 23 දා, ඇමරිකාවේ සීඅයිඒ සංවිධානයෙන් කළ දැනුම්දීමකට අනුව කොළඹදී අල් කයිඩා සාමාජිකයන් තිදෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී. ඇමරිකාවේ සහායෙන් පුත්තලමේදී අල්කයිඩා සාමාජිකයකු අත්අඩංගුවට ගන්නා ලද බව ගෙවුණු පෙබරවාරි මාසයේ 20 වැනිදා වාර්තා විය. මෙබඳු අල්කයිඩාකාරයින් කරන්නේ මොනවාද? ත‍්‍රස්තවාදී සංවිධාන සමග සම්බන්ධතා නැති ත‍්‍රස්තවාදීන් ලෝකයේ නැත.  

ඉස්ලාම් ත‍්‍රස්තවාදය ලංකාවේ පමණක් නොව ලෝකයේ හැම රටකම ක‍්‍රියාත්මක වන්නකි. සමහර රටවල ඉස්ලාම් ත‍්‍රස්තවාදය නියම වේෂයන් ක‍්‍රියාක්මක වේ. තවත් සමහර රටවල රහසිගතව ක‍්‍රියාත්මක වේ.  දයාන් ජයතිලක මේ ගැන හොඳින් දනී. එහෙත් ඔහු ලංකාවේ ඉස්ලාම් ත‍්‍රස්තවාදයක් නැතැයි කියයි. ඊට හේතුව ඔහුට සිංහල බෞද්ධ විරෝධී මනසක් තිබීමයි. ඉස්ලාම් අන්තවාදය ලංකාවේ තදින් ක‍්‍රියාත්මක වන බව රටේ සිංහල බෞද්ධයන්ට ජනතාවට පැහැදිලි කරද්දී දයාන් ජයතිලකගේ මනසේ සැඟවුණු යක්ෂයා අවදි වේ. ඔහුගේ මුඛය විවෘත වෙයි.

No comments:

Post a Comment