Friday, March 22, 2013

සමාජවාදි ශිෂ්‍ය සංගමය සහ මාලූ වෙළෙන්දා


සමාජවාදයක් ලෝකයේ කොහේවත් දැන් නැත. ලෙනින්, ස්ටැලින්, පොල්පොට්, මා ඕ සේතුං ආදී සමාජවාදයේ නිර්මාතෘවරු සියලූ දෙනාම අතිබිහිසුණු මිනීමරුවන් බව දැන් මුළු ලෝකයම පිළිගෙන හමාරය. එහෙත් ලංකාවේ සමාජවාදයක් ගොඩනගන්නට පිටපොට ගසන සමාජවාදී ශිෂ්‍ය සංගමයක් ලංකාවේ පවතී. 88 89 කාලයේ සිංහල බෞද්ධ තරුණ තරුණියක් දස දහසක් නිරාපරාදේ බිල්ලට යැවීමට මූලික වූයේ මෙම සංගමයමය. අප මහපාරේ යන විට එක්තරා මාලූ වෙළෙන්දෙක් ඔවුන්ගේ පෝස්ටර්යක් කියවමින් සිටිනු දක්නට ලැබුණි.  

‘ජාතිවාදය අවුස්සන්නේ නැතිව සිංහල, දෙමළ, මුස්ලිම් හැමට සහයෝගයෙන් එකට ජීවත් වෙන්නට ඉඩ දියව්’ සමාජවාදී ශිෂ්‍ය සංගමය.

මාලූකාරයා අප දෙස බලා මෙසේ ඇසුවේය.

‘‘මුන් බුරුවො? ද ශිෂ්‍යයොද? එක්සත් ජාතික පක්ෂය කිව්ව හැටියෙ එතන ජාතිවාදය. ඉලංගෙයි තමිල් අරිසු කච්චි කියපු හැටියෙ එතන ජාතිවාදය. මුස්ලිම් කොන්ග‍්‍රස් කිව්ව හැටියෙ ජාතිවාදය. ඉතින් මුන් මේ කාටද බනින්නෙ?’’

අපි පිළිතුරක් නොදී ගමන් කළෙමු.

පිටුපා යන අපට මාලූකාරයා මෙසේ කීවේය.

‘‘අර තමිල්නාඩුවෙ හාමුදුරුවරුන්ට ගහන්නෙ එහෙ ආගම්වාදය ජාතිවාදය නැති හින්ද ද? ඇල්ටීටීඊකාරයො සිංහලයන්ව මැරුවෙ හැමට සහයෝගයෙන් එකට ජීවත්වෙන්ඩ දෙන්ඩ  ඕන හින්දද? කතාව  මගඇරල යන්ඩ එපා.  සමාජවාදය කියන්නෙ කොමියුනිස්ට්වාදයට. ඒකෙ හැමට සහයෝගයෙන් ජීවත්වෙන්ඩ පුළුවන් කියල එකක් නෑ. අපේ තාත්තල මේ පාරවල්වල ‘අදිරදේ සුන් කරව්, ධන බලේ නැතිකරව්’ කිය කියා පෙලපාලි ගියා. ඒ කිව්වෙ පංති සටන ගැන. සමාජවාදීන්ට සහයෝගයක් නෑ. මුන් බූරුවොද? ශිෂ්‍යයොද?

4 comments:

  1. //සමාජවාදය කියන්නෙ කොමියුනිස්ට්වාදයට//
    මාළුකාරයාගෙ නොදැනුමේ ප්‍රමාණය මේ කතාවෙන්ම පැහැදිළිනෙ.

    අපරාදෙ මාළු කාරයෙක්ගෙ කතාවක් අල්ලල පෝස්ට් එකක් දැම්මෙ.

    ReplyDelete
  2. පොරමොලාApril 24, 2013 at 12:35 AM

    @Mobileman, මාළුකාරය කියල තියෙන ඒ කතාව නම් අවුල් තමයි. එත් එයාගේ අනිත් කතා ටික ගැන මොකද හිතන්නේ? සාපේක්ෂ වශයෙන් උනත් , සවිඤ්ඤානික මාළු කාරයෙක් කියලයි මට නම් හිතෙන්නේ.

    ReplyDelete
  3. //සමාජවාදයක් ලෝකයේ කොහේවත් දැන් නැත.// සමාජවාදය කියන්නෙ මොකද්ද කියලවත් ඔබතුමා දන්නවද? තවමත් ලෝකෙ ගොඩක් රටවල් සමාජවාදී මූලධර්ම අනුගමනය කරනව. (අපේ රටත් ඇතුලුව)

    ReplyDelete